Wednesday, July 16, 2014

අවුරුදු 15 දැරියටත් අතවර කරන්න හැදූ මර්වින්ගේ මැරයන්

මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ ප්‍රචාරක කොන්ත්‍රාත්කරුවෙකු සහ ඇමතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් මාලඹේ අරංගල ප්‍රදේශයේ පාසල් ගුරුවරියකගේ නිවසට කඩා වැදී එම නිවසේ සිටින 15 හැවිරිදි කුඩා දැරියක සොයා එම ස්ථානයේ යකා නටා ඇති බව වාර්තා වේ. 

මාලඹේ රාහුල විද්‍යාලයේ ගුරුවරියක
වන ලලනි පුෂ්පා ජයන්ති මහත්මියගේ 15 හැවිරිදි දියණිය පසුගිය 10 වනදා අමතර පන්තියකට සහභාගී වී සවස 05:30 ට පමණ නිවස අසලින් බස් රථයෙන් බිමට බට අවස්ථාවේ ඒ අසල සිටි මර්වින්ගේ මැරයන් පිරිසක් විසින් ඇයව වැන් රථයකට දමා ගැනීමට උත්සාහ දරා ඇත. එම මොහාතේ ඔවුන්ගෙන් ගැලවුණු එම දැරිය කෑ ගසමින් නිවසට දුව විත් ඇත. එම අවස්ථාවේ ලලනි මහත්මියගේ 21 හැවිරිදි පුතු විසින් ඇය පසුපස පන්නගෙන පැමිණි මැරයන් බියකොට එලවා දමා ඇත. 

නමුත් ස්වල්ප වෙලාවකින් ඇමතිවරයාගේ ආරක්ෂක අංශයට අයත්යැයි කියන නොම්මර තහඩු නොමැති ජීප් රථයකින් පැමිණි ඇමතිගේ මැරයන් විසින් ලලනි මහත්මියගේ 21 හැවිරිදි පුතුට අමානුෂික අන්දමින් පහර දී ඇත. පහරදීමෙන් නොනැවතුන එම මැරයන් එම තරුණයා ජීප් රියේ නංවාගෙන ගොස් අතුරුගිරිය පොලීසිය වෙත බාර දී ඇත්තේ එම තරුණයා ඔවුන්ට පහරදුන් බව පවසමිනි. 

ලේ ගලන තුවාල සහිතව ගුරුවරියගේ පුතා අතුරුගිරිය පොලිසියේ මධ්‍යම රාත්‍රිය වන තෙක් රඳවා තබාගෙන ඇත. පුතාව ගලවා ගැනීම සඳහා ගිය ලලනි මහත්මියද පොලිස් භාරයට ගෙන තිබුණි. 

තෙලිඟු චිත්‍රපටයක දර්ශනයකට නොදැවිනි වූ එම සිදුවීම සම්බන්ධව ලලනි මහත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වා තිබුනේ පහත පරිදිය. "මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක්‌. මට පුත්තු තුන්දෙනෙකුයි, දුවෙකුයි ඉන්නවා. ලොකු පුතා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. 

පහර කෑමට ලක්‌වෙච්චි, දෙවැනි පුතා ගණිත ගුරුවරයෙක්‌. පෙරේදා 10 වැනිදා හවස 5.30 ට විතර මගේ පොඩි දුව (අවුරුදු 15) කෑගහගෙන ගෙදරට දුවගෙන ආවා. බස්‌ එකෙන් බහිද්දී එතන හිටපු කොල්ලො ටිකක්‌ එයාගේ අතින් ඇදලා වාහනේකට දාගන්න හැදුවා කියලා. ඒ වෙලාවේ දෙවැනි පුතත් ගෙදර හිටියා. දුවගෙ පිටුපසින් මැරයො වගයක්‌ පන්නගෙන ආවා. ඒ වෙලාවෙ පුතා එළියට බැහැලා උන්ව පන්න ගත්තා. 

මේ සිද්ධිය වෙලා විනාඩි දහයකට විතර පස්‌සේ අංක තහඩු නැති ජීප් එකක්‌ ගෙදරට ආවා. ඒකෙ ආවෙ ඇමැති කෙනෙකුට ප්‍රචාරක කොන්ත්‍රාත් වැඩ කරන කෙනෙකුයි, එයාගේ පුතයි, පුතාගෙ යාළුවෝ පස්‌දෙනෙකුයි ඇමැති කෙනෙකුගේ ආරක්‍ෂක නිලධාරියො කීපදෙනෙකුයි. මේ අය ගෙදරට පැනලා මගේ පුතාට හොඳටම පහර දුන්නා. කීපදෙනෙක්‌ අතේ පිස්‌තෝල තිබුණා. ඒවායෙනුත් පුතාට ගැහුවා. මගේ දුව ගේ ඇතුලෙ හැංගිලා ජීවිතේ බේරාගෙන තියෙන්නේ. 

මේ මැරයො පුතාට ගහල ගහල එයාව ජීප් එකේ දාගෙන අතුරුගිරිය පොලිසියට අරගෙන ගියා. ඒ අය පුතාව පොලිසියට ඉදිරිපත් කරලා තියෙන්නේ පුතා ඒ අයට ගැහුව කියලා. මේ ගැන අහන්න ගියාම පොලිසිය මාවත් අත්අඩංගුවට ගත්තා." 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති කොන්ත්‍රාත්කරුගේ පුත්‍රයා, ඔහුගේ මිතුරන් පස්‌දෙනකු සහ ඇමැති ආරක්‍ෂකයන් කීපදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුනත් පසුව ඇමති මර්වින්ගේ බලපෑම මත ඔවුන්ව ඇප මත නිදහස්කොට තිබුණි. 

No comments:

Post a Comment