Thursday, July 31, 2014

දළදා මාලිගාවේ මැණික් වියන අතුරුදන්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන යටින් දළදා කරඬුවට ඉහලින් ඉදිකොට තිබූ වක්‍රාකාර වියන මෙයට දින කිහිපයකට පෙර අතුරුදන් වී ඇත. 

මෙම වක්‍රාකාර වියන ඉතා වටිනාකමකින් යුක්ත වන අතර
වටිනා මැණික් ගල් කිහිපයක්ද එම වියනෙහි අල්ලා තිබූ බව පැවසේ. 

ලක්ෂ ගණනක් වටිනා මෙම වියන එකල පරිත්‍යාග කොට තිබුනේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි. 

මෙම වියනෙහි අතුරුදන් වීම සම්බන්ධව විවිධ දේශපාලකයන්ට චෝදනා එල්ලවෙන අතර මේ සම්බන්ධව චානක අයිලප්පෙරුම මන්ත්‍රීවරයා වියනෙහි අතුරුදන් වීම සම්බන්ධව මධ්‍යයම පළාත් සභාවේදී ප්‍රශ්න කිරීමක් සිදුකොට ඇතත් එයට නිසි පිළිතුරක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ලැබී නොමැත. 

No comments:

Post a Comment