Wednesday, July 16, 2014

ජනතාවට වස කන්න වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

ලංකාව ලෝකයේවැඩියෙන්ම වසවිස ආහාර අනුභව කරන රට ලෙස නම් කර තිබියදී කෘෂිකර්මාන්තයේදී යොදන පළිබෝධනාශක ප‍්‍රමාණය පිළිබදව සොයා බැලීමට පත්කළ යුතු නිලධාරීන් මෙතෙක් පත්කර නොමැති බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
1980අංක 33දරන පළිබෝධනාශක පනතේ
1994වසරේ සංශෝධනයට අනුව ගොවීන් එළවළු,පලතුරු,වී වගාවට යොදන පළිබෝධනාශක ප‍්‍රමාණය පිළිබදව සොයා බැලීමට සහ නීතිය කි‍්‍රයාත්මක කිරීමට නිලධාරීන් පත්කර බලය පවරණ ලෙසට පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයාට උපදෙස් ලබා දී ඇතත්,මෙතෙක් එම කටයුත්ත සිදුකර නොමැති බව නිවේදනයක් මගින් එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
තවද පසු අස්වනු පළිබෝධනාශක භාවිතය පිළිබදව උපදෙස් ලබාදී තිබියදී ආහාර ද්‍රව්‍ය කඩා ගොඩගසා පළිබෝධනාශක යොදා ජනතාවට අලෙවි කිරීම මෙහි අවාසනාවන්තම සිදුවීම සිදු වී තිබෙන බවද නිෂ්පාදකයන්, ගොවීන්, අතරමැදියන්, වෙළෙඳුන් ඔවුනට රිසිසේ ජනතාවට වසවිස කවමින් සිටින බවද ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

No comments:

Post a Comment