Thursday, July 31, 2014

කෝටි 68 කුඩු තොගයට පොලිස් ලොක්කෙකුත් පැටලේ


වසර කිහිපයක් තිස්සේ ‘වෙළේ සුදා’ නම් මහා පරිමාණ මත් කුඩු ජාවාරම්කරු සමඟ දුරකථනයෙන් සම්බන්ධකම් පැවැත් වූ බව කියන දොම්පේ
පොලීසියේ පොලිස් පරීක්ෂකවරයකුගෙන් පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප‍්‍රශ්ණ කර තිබේ.
මේ ප‍්‍රශ්ණ කිරීම සිදු කර ඇත්තේ වෙළේ සුදා නමැත්තාගේ දුරකථන අංක ඔස්සේ පරීක්ෂණ කිරීමේ දී හෙළි වූ තොරතුරු මතය.
වෙළේ සුදා නමැත්තා සමඟ පොලිස් පරීක්ෂකවරයා කාලයක පටන් සම්බන්ධකම් පවත්වා ඇති බවට සැක කරන බවත්, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඉකුත් පොසොන් පොහෝ දින කැළණියේ දී අත් අඩංගුවට ගත් රුපියල් කෝටි 68 ට අධික වටිනා හෙරොයින් තොගය අල්ලන මොහොත වන තෙක්ම වෙළේ සුදා නමැත්තා දුරකථනයෙන් මේ පොලිස් පරීක්ෂකවරයා සමඟ සම්බන්ධකම් පවත්වා ඇති බවට හෙළි වූ බවත් පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment