Tuesday, July 29, 2014

ජනාධිපති උපදේශකයන් සඳහා ගෙවන ගණන් මෙන්න


ජනාධිපතිවරයාගේ උපදේශක මණ්ඩලය සහ ඔවුන් වෙනුවෙන් දරණ පිරිවැය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට ලබා දී තිබෙන පිළිතුර අනුව ජනාධිපති උපදේශකයන් සඳහා ගෙවන මුදල් ප්‍රමාණය හෙළිවී තිබේ. 

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විසින් මෙයට පෙර තුන්වරක් ජනාධිපති උපදේශකයන්ට ගේනවා ගණන් පිළිබඳව විමසා සිටියත් එයට පිළිතුරු ලැබී තිබුනේ නැත. 

අවසානයේ එම ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු අනුව හෙළිවූ තොරතුරු මෙසේය. 

ජනාධිපති උපදේශකගේ මාසික වැටුප - 30,000 

වාහනයක් සඳහා දීමනාව - 30,000 

මාසික දුරකථන දීමනා - 5000 

ඉන්ධන දීමනාව - ලීටර් 170 (පෙට්‍රල් ලීටරයක මිල 162 ගණනේ ඉන්දහන් දීමනාව 27,540කි.)

අනුමත ජනාධිපති උපදේශකයන් සංඛ්‍යාව - 25 

දැනට අනුයුක්තව ඇති උපදේශකයන් සංඛ්‍යාව - 23 

සියලු දීමනා සහිතව එක් උපදේශකයෙකුට ගෙවන මුදල - 92,540

උපදේශකයන් 23 දෙනා වෙනුවෙන් මසකට දරන පිරිවැය - 2,128,420

උපදේශකයන් 23 දෙනා වෙනුවෙන් වසරකට දරන පිරිවැය - 25,541,040 -

No comments:

Post a Comment