Wednesday, July 16, 2014

නියෝජ්‍ය ඇමති සරත් චන්ද්‍රසිරිගේ බිරිඳගෙන් චන්ඩි පාට්

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැතිවරයාගේ බිරිඳ විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇතැයි වාර්තා වේ. 

නීති විරෝධිව ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක කඳන් ලොරියක් පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් වැටලූ අවස්ථාවේදී එම ස්ථානයට ගිය ඇමති බිරිඳ විසින්
ඇමතිගේ බලපුළුවන්කාරකම් පෙන්වා පොලිස් නිලධාරින් දෙදෙනාටද ​බැන වැදී එම තේක්ක ලොරිය නිදහස් කරගෙන අදාළ ස්ථානය කරා ගෙනගොස් ඇත. ​

අමාත්‍යවරයා වැඩ බාරගත් දිනයේ සිය බිරිඳ ලගින් තබාගෙන ජනතාවට සේවය කරන බවට සපථ කොට තිබුනේ පහත පරිද්දෙනි. "මට හිමිවූ නව පත්වීම මගින් රටට පාක්ෂිකයන්ට, ප්‍රදේශයේ ජනතාවට වීශාල සේවයක් කරන්නට පුළුවන්.මේ නියෝජ්‍ය ඇමැති ධුරය ලැබුණ විට මා සිතුවා මෙයින් මට කරන්නට හැක්කේ කුමක්ද කියා. එයින් පසු මා කෙටි අධ්‍යයනයක් කළා මේ අමාත්‍යංශයේ කාර්යයන් හා සේවාවන් පිළිබඳව මට වැටහුණා." 

No comments:

Post a Comment