Sunday, February 23, 2014

සාරිය පැටලී වැටී පිටුපසින් ආ ටිපර් එකට බිලිවේ

පාසලට යන බස්‌ රථයට යැම සඳහා සිය සැමියා සමඟ යතුරු පැදියෙන් යමින් සිටි පාසල් ගුරුවරියකගේ සාරිපොට යතුරුපැදියේ පිටුපස රෝදයේ පැටලීමෙන්
ඇය මහ මගට ඇදවැටී  පිටුපස පැමිණෙමින් තිබූ ටිපර් රථයකට යටවී බරපතළ තුවාල ලබා මියගොස්‌ ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.

ඉබ්බාගමුව යකල්ල මංසන්ධියේදී ඊයේ 21 දා උදෑසන 6 10 ට මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මියගොස්‌ ඇත්තේ ඉබ්බාගමුව දැදුරුඔය පදිංචි මාතලේ සහිරා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරන පුන්‍යා චතුරානි හිඳගොල්ල 28 නමැති එක්‌දරු මවකි. 

මියගිය පාසල් ගුරුවරියගේ හදිසි මරණ පරීක්‍ෂණය ඉබ්බාගමුව හදිසි මරණ පරීක්‍ෂක ඩී එම් එස්‌ කේ දහනක මහතාගේ මූලිකත්වයෙන් ගොකරැල්ල දිසා රෝහලේදී පැවැත්විණි අනතුර සිදු කළ ටිපර් රථ රියෑදුරු රථය නොනවත්තාම ධාවනය කොට ප්‍රදේශයෙන් පලා ගොස්‌ ඇත. ඔහු අත් අඩංගුවට ගැනීමට පුළුල් මෙහෙයුමක්‌ ගොකරැල්ල පොලිසියෙන් අරඹා ඇත. 

මියගිය ගුරුවරිය මාතලේ සහිරා විදුහලේ ඉංග්‍රීසි ගුරුවරියක්‌ වශයෙන් සේවය කරන අතර මෙදින පාසලට යැමට බස්‌ රථය මගහැරීවි යයි කියා සැමියා සමඟ ඉක්‌මනින් යතුරුපැදියෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

No comments:

Post a Comment