Wednesday, February 19, 2014

නාට්‍යයේ අධ්‍යක්ෂ ගෝඨාද?

Sunilතමා පැහැරගෙන යාමේ නාට්‍යයේ අධ්‍යක්ෂ ගෝඨාභය මහත්තයා දැයි පසුගියදා පැහැරගැනීමට ලක්වූ සමරධීර සුනිල් මහතා විමසා සිටියි.

පැහැරගනු ලැබුවන් ගෙන් ගැලවී පැමිණි සමරධීර සුනිල් මහතා විසින් මාධ්‍ය දැනුවත් කරන විශේෂ හමුවක් 17වැනිදා වනාතමුල්ල, 45 වත්ත, ප්‍රජාශාලාව අසලදී පැවැත්වූ අතර, එහිදී ඔහු ඉහත කාරණය විමසා සිටියේය.
එහිදී පැහැරගැනීමට ලක්වූ සමරධීර සුනිල් සම්පූර්ණ සිද්ධිය පැහැදිලි කරමින් කියා සිටියේ, තමන්ගේ ඉතා හොඳ තට්ටු දෙකේ සුව පහසු නිවාස වලින් පන්නා දමා, කුකුල් කූඩු වැනි නිවාස වලට බලහත්කාරයෙන් යැවීම ගැන ආරක්ෂක ලේකම් ගෝඨාභය සමග තමා වචන හුවමාරුවක යෙදුණු බවයි.
තමා එසේ කෙළේ ගෝඨාභය මහතා තමා වෙත පැමිණ කතා කරන්න අවශ්‍යයයි කී නිසා බවත් ඔහුගේ අවසරය මත තමා මුහුණටම කියන්න ඕනෑ දේ කී බවත් සුනිල් පැවසීය.
ඉන්පසුව තමාව පැජරෝ වර්ගයේ ජීප් රියකින් පැහැරගෙන දෑස් බැඳ කකුල් අත පට දම්වැල් වලින් බැඳ පැය එක හමාරක පමණ ගමනකින් කිසියම් ස්ථානයකට ගෙන ගිය බව පැවසූ සුනිල් මහතා, එහිදී යම් යම් ප්‍රශ්න කිරීම් කරන අතරවාරයේ ලැබුනු දුරකථන ඇමතුමක් අනුව යළි තමා ගෙනැවිත් බියගම ප්‍රදේශයේ දමා ගිය බවත් පැවසීය.
නිදහස් කිරීමට පෙර තමාගෙන් උපන් දිනය ඇසූ පැහැරගත් පිරිස එසේ නම් යළි උපන් දිනය අද දිනය කියා සඳහන් කර ගන්නා ලෙස පැවසූ බවද ඔහු හෙළි කෙළේය.
වනාතමුල්ල නිවාස සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සුනිල් වටගල මහතාද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය. එහිදී ඔහු කියා සිටියේ ඉතා අසාධාරණ ලෙස නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රදේශවාසීන් සිය නිවාසවලින් ඉවත් කර ප්‍රමිතයෙන් තොරව ඉදි කර ඇති නිවාස සංකීර්ණයකට ගාල්කිරීමට උත්සාහ දරන බවයි.
මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ සමරවීර සුනිල් ගේ මාධ්‍ය සාකච්ඡාව සහ ඔවුන් ජීවත් වන නිවාස කෙතරම් සුවපහසු ඒවාද යන්නයි.
ජනතාව මෙවැනි නිවාස වලින් එළවන ආණ්ඩුව, මෙම නිවාස වෙනුවෙන් කිසිදු වන්දියක් නොගෙවන අතර ලබා දෙන කුකුල් කූඩු නිවස වෙනුවෙන් ලක්ෂ 10 ක්ද ජනතාවගෙන් ඉල්ලා සිටියි. .
-ලංකා ට්රුත් ABC
wanathamulla_3
wanathamulla_1
wanathamulla_2
wanathamulla_4
wanathamulla_5
wanathamulla_6
ABC

No comments:

Post a Comment