Saturday, February 22, 2014

ෆේස්බුක් මිනීමරුවා, ජඩමාධ්‍යවේදින් හා ගල් වැද්දෝ



සර් ජෝන් කොතලාවල එකේ බල්ලා බැඳ දමන්නට මහ ඇමතියාටත් නොකැකි වූවාට, ළමා රක්ෂණ අධිකාරියෙන් ඌව අල්ලා කූඩූ කලේය. ඉන් පස්සෙ ඇප ලැබී ආයෙත් පාසලට ආවත්
, පාසලෙන් තාවකාලිකව හෝ ඉවත් කර තැබීම, මේ රටේ නීතීය හා යුක්තිය ගරු කරනා පුදගලයන්ට කරනා ලද උපහාරයක්ය.


ළමා රක්ෂණ අධිකාරියට, මේ පුද්ගලයා පිලිබඳව පැමිණිලි 100 කට අධික ගනනක් ලැබි තිබෙනා බවට තොරතුරු දැන් ලැබී ඇත. එවා සිසු සිවියන්ගෙන් පමණක් නොවේ, ගුරුවරියන්ටද, මියගිය සිසුවියට මෙන්ම, නින්දා අපහාස කර ඇති බවටත් තොරතුරු වේ.. කෙසේ හෝ මේ ගොබ්බ ආයතනයත් දැරියක් මිය යන තෙක්ම ඒ පිළිබඳ කටයුතු කළ නොහැකි වීම පිළිබඳව නම් ඇත්තේ, කනගාටුවක්ම පමණය.

ඒ සිසුවිය මිය ගියාට පසු, තවත් සිසුවියක් දිවි නසා ගත්තේය, ඒ මරණයද සුපුරුදු ලෙසම ෆේස්බුක් ගිණුමටම් බැර කිරීමට, මේ රටේ අදීන ජ්ඩ මාද්දිය වේදියෝ සමත් වීය. ඒ කෙල්ලගේ තරම කෙසේදැයි කියා, මර හඬ දී හඩන අම්මාගෙන්ම බලා ගත හැකිය. මේ උණු කඳුළු විකුණාගෙන කෑමට, මොළේ තියෙන අයට පමණක් නිව්ස් කියනා "දෙරණ"ටත්, කිසිම හිරිකිතයක් නැත්තේය. ඒ තරමටම ජනමාධ්‍යවේදය, ජඩ මාධ්‍යයක් බවට පත්ව ඇත්තේය.

පළමු මරණය ගැන නම් කීමට ඇත්තේ, ටයි පොල්ලක් දාගෙන, කර්නල් පට්ටම් අරගෙන, සුදු පාට කිට් එකක් දාගෙන ජාතික පාසලක මුල් ගුරෙක් වූවාට, නවීන තාක්ෂණය හා ළෝකය ගැන නොදන්නේ නම් ඌ පට්ට ගොනෙක් කියලාම විතරය. එහෙව් උන් මුල් ගුරු පට්ටම් වල ඉන්නා තාක් කල්, හන්දියක් හන්දියක් ගානේ නැණසල් පිහිටුවා, හැම එකාටම අන්තර්ජාල පහසුකම් එක්ක, ටැබ් එකකුත් දුන්නාට, ජාතියේ පියා දකින්නට හදන, ක්ෂිතජයෙන් එහා දැකීම කෙසේ වෙතත්, නොම්මර එකේ ගොබ්බ ගව ගාලක් නම් බලා ගන්න පුළුවන් කියලාය.

දෙවන මරණයද, ගොබ්බ ජඩ මාද්දිය වේදියෝ, කිසිම පැකිලීමකින් තොරවම, ෆේස්බුක් ගිණුමටම බැර කලේය. දැන් ඇත්තටම ඒ දැරිය මිය ගියේ ෆේස්බුක් එකේ වරදක් නිසාද. එසේ නොවේ නම් ඒ දැරිවියගේ වරදක් නිසාද. ජනමාධ්‍යවෙදියකුගේ යුතුකම් මේ පිළිබඳව නිවැරදි තීරණයකට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම මිස, ජාතික පුවත් පත් කෑළෑ පත්තර බවට පත් කිරීම නොවේ. අනෙක් කරුණ නම්. මේ ගල් වැද්දෝ ලියාපුවා, ගිරව් කියවනවා වාගේ කියනා රූප පෙට්ටියේ පත්තර කියවනා ගිරවුන්ය.

එකෙක් දෙන්නෙක් බැලන්ස් එකේ අදහස් දැක් වූවද, වැඩි දෙනෙක් කරන්නේ, අසුචී වලටම පැන, බඩ පිනුම් ගසනා එකය. එහෙම විවේචනය කරණා හරකුන්ම, සැම හැන්දෑවකම, මෝඩ චූන් කෙල්ලෙක්, කොල්ලෙක්, නිලියක් හෝ ගායකයෙක් දාගෙන, "අනේ... අපේ ෆේස්බුක් එකේ ලයික් එකක් දාන්නකෝ පණේ...." කියනා විට, දෙන්නට හිතෙන්නේ ටැලිවිසොන් එක කුඩු වෙලාම යන්නය. ෆේස් බුක් හොඳ නැත්නම්. හැම එකාම ඒකේ ගිණුමක් ඕපන් කර ගෙන තියෙන්නේ, මොන මළදානෙටද යකෝ කියා අහන්න එකෙක් වත් නැතිය.

ඇත්තටම මේ රට මෙතරම් අගාධයකට වැටෙන්නට, දේශපාළකයන්ට වඩා ජඩ මාද්දියවෙදියෝ වග කියන්න ඕනාය. රේප් කේස්, මිනීමැරීම්, මංකොල්ලකෑම්, පාතාල ගේම්, ඔක්කෝම රස කර ලීවෝ ඔවුන්මය, කාළකන්ණි දේශපාළයෝ වීරයෝ කරන්නෝ ඔවුන්මය. උන්ගේ මෝඩ ජෝක් නිව්ස් වල පෙන්නන්නේ ඔවුන්ය.

මම ළෝකයේ ගිය කිසිම රටක මේ වගේ මෝඩ ජෝක් නම් දැකලාම නැතිය. මේ කියනා ගොන් කතාවලට, කින්ඩිය දාන ටෝක් ෂෝ දැකලා තිබුනාට, මැටි හරක් කෙලින්ම පෙන්නනවා නම්, කිසිම රටක දැකලා නැතිය. දැන් හැම එකාම බලන්නේ, මොකක් හෝ ගොන් කතාවක් කියා, රූප පෙට්ටියේ මූණ ඔබා ගැනීමටය. ඒවාට වග කියන්න ඕනා ඒවා ප්‍රචාරය කරනා ජඩ මාද්දිය වේදියෝ මිස වෙන කිසිවකු නොවේ.

දැන් අළුතෙන්ම පටන් අරගෙනා තිබෙන සෙල්ලම, හදි හූනියම්, අණවින කොඩිවින, මළ පෙරේත දෝස, ෆෙන් සුයි, වාලම්පූරී අරවා මේවා වලින් පත්තර පිටු පුරවනා එකය. අපේ ගොන් මෝල් වහන්සේලාත් මෙවා රස කර කර වළඳනාවාය. ජනමාධ්‍යවේදියා ජනතාව දැණුවත් කිරීම කෙසේ වෙතත්, ජහ මනයාව ගල් යුගයට අරගෙන යන වැඩේ නම් කිසිම සුවක් නැතිව කරනවාය. ටැලිවොසින් වල තත්වයත් එසේමය.

දෙවන කෙල්ල මිය ගියේ, ෆේස් බුක් එකේ ඔරිජිනල් ෆේස් එක නොදා, ෆේක් ෆේස් එකක් දමාපූ නිසාය. තමාගේ ඔරිජිනල් මූනත්තහඩුව නොදා, බොරු එකක් දමා, අනුන් මුලා කිරීම, නීතියට අනුව උනත් දඬුවම් ලැබිය හැකි වරදක්ය. එතකොට ඒකට පලි ෆේස්බුක් එකද..?

එහෙම මේ ගොන් කෙල්ලෙක්, කොල්ලෙක් මැරුණාට, තාක්ෂණය ගැන නොදන්නා හරකෙක් ෆේස් බුක් ෆෝබියා හදාගත්තාට, කරන්න ඕනා ෆේස්බුක් භාවිතය තහනම් කිරීමද..? මේවා තහනම් නොකරන්නේ මන්දැයි කියා අසනා ජනමාධ්‍යවේදියා, ඇත්තටම ජනමාධ්‍ය වේදියෙද්ද, නැත්නම් අමුම අමු ගොන් වස්සෙක්ද..?

ඇත්තටම මේ ප්‍රශ්ණය කුමක්ද..?


  • නවීන තාක්ෂණය ගැන අබ මල් රේණුවක දැනීමක් නොමැති වීම.
  • පරම්පරාගත රෝගයක් වන අළුත් දෙයකට ඇති බිය.
  • තරුණ පරම්පරාව කෙරේ ඇති වෛරය.
  • ළොවේ එකෙක්වත් නොදන්නා අභිමානයකින් ඔළුව උදුමවා ගෙන සිටීම.
  • ෆේස්බුක් යනු කුමක්දැයි නොදැනීම.
  • ෆේස්බුක් තබා පරිඝණයක්වත් භාවිතා කිරීමට නොහැකිවීම.
  • එසේ හැකි වුවත්, අන් අය ඒවා භාවිතා කිරීම පිළිබඳ ඇති ඉරිසියාව හා කුහත්වය්.
  • තමන්ට නොමැති හෝ නොලැබුන දෙයක් වෙනත් කෙන්ක් භාවිතා කිරීම පිළිබඳ ඇති වෛරය.
  • තම දරුවන්ට පරිගනකයක් ලබා දීමට නොහකි වීම.
  • පියකරු මිනිසුන්, ඇති හැකි මිනිසුන්, කෙරේ ඇති වෛරය හා ඉරිසියාව...



යන කරුණු වලට අමතරව, තවත් බොහෝ හේතුන්, මේ සඳහා ඉවහල් වෙනවා යන්න මගේ මතයයි. මා ෆේස්බුක් හී නිතිපතා සැරිසරන්නෙක් නොවේ. එහෙත් එහි ඉතා වටිනා අදහස් හා දැණුම බෙදා ගන්නා උන් බොහෝමයක් මගේ මිතුරන් ලෙස සිටී. ඉඩක් ලද අවස්ථාවල ඔවුන්ගේ දේ කියවමි. මගේ දරුවාටද ෆේස්බුක් ගිණුමක් ඇති අතර. ඔහුගේ මිතුරන් අතර, මමද, දරුවාගේ මවද වේ. අපත් ඒ ගිණුමේ සමහර විට සැරිසරයි.

තරුණ වයසේ ආදරය කිරීම සාමාන්‍ය දෙයකි. ආදරය කරනා විට වැඩි හිට්යන්ද බොළඳ මෝඩ ප්‍රේමවන්තයෝ වන්නේය. ඒ නිසා වැඩිපුර තරුණ පිරිසක් ගැවසෙන ඕනම තැනක තිබෙනවා මෙන්, ෆෙස්බුක් හීද වැඩිපුර ඇත්තේ, ඉතාම බොළඳ සිනහ උපදවන සුළු දේවල්ය. ඒවා ගැන උරනවීම අප යුතුකම් නොවේ. ඒ යුවුන් ප්‍රේමයයි. යොවුන් සිතිවිලියි. අප කළ යුත්තේ ඔවුන්ට දැණුම බෙදා දීමයි. ඔවුන් දැණුවත් කිරීමයි.

මේ බොළඳ වදන් අතරේ, වැඩිහිටියන්ටත් වඩා ඉතා බර සාර දේලියනා යෞවන යෞවනීයෝද් බොහෝය. ඔවුන්ගේ කාව්‍ය නිර්මාණ, අදහස් උදහස්, ළිපි ලේඛන බොහෝ ඉතිරියෙන් පවති. උගතුන්, සිවිල් පොරවල්, බක පන්ඩිතයින් කළ යුත්තේ, ෆේස්බුක් එකේ තියෙන්නේ මොන ජරාවද කියා නිග්‍රහ කිරීම නොව එවන් උසස් දේ අගය කිරීමයි.

මේ සියළු කරුමය, දරුවන් වහලුන් ලෙස සැලකීමය. ළමා කාළයෙදි දරුවන් තම අනට යටත් වහලුන් ලෙස සිටිය යුතු අතර, වැඩිහිටියන් වූ විට නැවතත්, සියළුම වැඩ රාජකාරි නවතා දෙමාපියන් රැක බලාගත යුතුය. එවිට දෘවනට ජීවීතයක් නැත.  දරුවන් තම මිතුරන් කර ගත් විට, මේ ව්‍යසනයන් කිසිවක් සිඳු නොවේ. අපේ දෙමාපියන් අපට සැලකුවේ, මිතුරන් මෙනි. අපද සියළුම දේ දරුවන් හා කතා කරන්නෙමු, මගේ දරුවන් පමණක් සමග නොව, අන් දරුවන්ද සමගද මිතුරන් ලෙස හැසිරීමට උත්සාහ කරමු. පොඩි උන් ඉදිරියේ මට පොරක් වීමට උවමනා නැත.

නැවතත් කිව යුතුව ඇත්තේ, දරුවන් යනු දරුවන්ය වැඩිහිටියන් නොවේ.. 
ඔබත් දරුවන් අතරදි දරුවකු වන්න..

ළෝකයේ ශ්‍රේෂ්ඨම බුද්ධිමතා වන, "ඇල්බට් අයින්ස්ටයින්" ජීවත් වී ඇත්තේ එසේය. මේ ඉරිදා "රාවයක්" ගෙන, "සිව්මංසල කොළු ගැටයාගේ" ළිපිය කියවන්න.. (ලින්ක් එකක් ලැබුනොත් දාන්නම්...)

එවිට ඔබ තුල ඇති මෝඩ ගොන් තකතීරූ "මානය" පහව යනවා ඇත.

එසේ ෆේස් බුක් තහනම් කරනවා නම්. දරුවන්ගේ ටයි පටි, සාරි, කඹ, පිහි, කෝච්චි, පාළම් මතින් ගමන් කිරීම, ඉන්ධන භාවිතය, නිදි පෙති, හරක් මස් කෑම, මව විදේශ ගත වීම, පියා ලෙඩවීම, පුතුන් පොලීසියෙන් මහ දවාලේ පැහැරගෙන යාම, ගිනිකූරූ හා ගිනිපෙට්ටි, ලයිටර්, හා එකී මෙකි නොකී සියල්ලම තහනම් කළ යුතුය. අපේ ජඩ මාද්දීය වේදියෝ ඒ තරම් ගල් වැදෝය..

උපුටාගැනීම - මාතලන් බ්ලොග් අඩවිය

No comments:

Post a Comment