Sunday, February 23, 2014

නාමල්ට අවහිර කළැයි ලංකා මාධ්‍යවේදියා උසාවි කැදවයි

Namal_Lankaමොරවක, පරගල හරහා සියඹලාගොඩට වැටී ඇති මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලා පසුගිය 17 වන දා පැවැත්වූ උද්ඝෝෂණය ආවරණය කිරිමට ගිය ‘ලංකා – ඉරිදා සංග්‍රහය ‘පුවත්පතේ
මාධ්‍ය වේදියෙකුට මාර්තු මස 17 වන දින අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කොට ඇති බව වාර්තාවේ.
ලංකා පුවත්පතේ මාධ්‍යවේදී දයා නෙත්තසිංහට මෙසේ සිතාසි නිකුත් කොට ඇත්තේ ‘ප්‍රභුන් ගමන්ගන්නා මාර්ගයක් අවහිර කොට උදඝෝෂණයේ නියැලුණු’ බවට වන චෝදනාව යටතේයි.
කෙසේ නමුත් අදාළ උද්ඝෝෂණය ආවරණය කිරීමට මාධ්‍ය හැදුනුම්පත සහිතව සහභාගී වූ මාධ්‍යවේදියෙකු මෙසේ උද්ඝෝෂකයෙකු ලෙස හඳුන්වා පැමිණිලි කිරීම මොරවක පොලීසිය කටයුතු කිරීම මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් ලෙස ද මාධ්‍ය සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
මොරවක පරගල මාර්ගය අලුත් වැඩිය කිරිම සදහා 2001 වසරේ පැවැති ආණ්ඩුව විසින් මුල්ගල තැබූවත් ඉන් වසර 13ක් ඉක්ම ගියත් මේ වන තෙක් එම මාර්ගය අලුත්වැඩියා කිරීමට කිසිදු පාලනාධිකාරියක් කටයුතු නොකළේය.
එළැඹෙන පළාත් සභා මැතිවරණය ඉලක්ක කොට මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා එම මාර්ගය ඔස්සේ පිටබැද්දර ප්‍රදේශයට පැමිණෙමින් සිටි නාමල් රාජපක්ෂට තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට පරගල ගම්වාසීන් 3000ක පමණ පිරිසක් එකතුව මෙසේ මාර්ගයට වී පැය 05කට වැඩි කාලයක් උද්ඝෝෂණයේ නිරත විය.
මෙම උද්ඝෝෂණය බලහත්කාරය යොදවා මැඩපැවැත්වීමට මොරවක පොලීසිය විසින් අවට පොලිස් ස්ථාන 07කින් පමණ නිලධාරීන් කැදවා තිබූ අතර අනතුරුව උසාවි නියෝගයක් රැගෙන එය වැළැක්වීමට කටයුතු කළේය.
මේ අතර තුර පොලීසිය විසින් ප්‍රභුන්ගේ මාර්ගය අවහිර කර උද්ඝෝසණයේ යෙදුනු පුද්ගලයින් 14 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් සැකසූ අතර ඒ අතරට මෙම මාධ්‍යවේදියාගේ නමද ඇතුළත් කොට තිබුණි. අනතුරුව පුද්ගලයින් 21 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් බවට එය දීර්ග කළ අතර එහිද මාධ්‍ය වේදීයාගේ නම ඉවත් කර නොතිබුණි.
මාධ්‍යවේදියාට ලබන 17 වන දින මොරවක අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ මින් අනතුරුවය.
එම මාධ්‍යවේදියා පවසා සිටියේ තමන් සතුව එම උද්ඝෝෂණයට අදාළ නිශ්චල හා වීඩියෝ ඡායාරූ ඇති බවත් එහිදී පොලීසිය ජනතාව පිඩාවට පත් කළ ආකාරයද සටහන්ව ඇති බවය.
(theindependent)

No comments:

Post a Comment