Tuesday, August 26, 2014

සනත් ජයසූරියගේ අරක්කු වලින් ක්‍රිකට් මාධ්‍යකුටිය වෙරි වෙයි.


පසුගිය 22 වැනිදා තැපැල් නියෝජ්‍ය අමාත්‍ය හා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය විසින් සිය අවන්හල වන Q-Bar හිදී ක්‍රීඩා මාධ්‍ය වේදීන්ට තමා කැමැති අරක්කු ජාතියක් සමඟ ලබාදුන් රාත්‍රී භෝජනය අනුභව කළ මාධ්‍යවේදින් රැසක් පසුදා (24) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවැති ශ්‍රී ලංකා පාකිස්තානු තරගය ආවරණය කර නැතැයි වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන් සූරියවැව ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටිය වේලී ගොස් තිබී ඇත. ඒ සඳහා ඇනවුම් කළ ආහාරද පසුව විසිකර දමා ඇතැයි වාර්තා වේ. 

විශේෂ ම සිදුවීම වන්නේ ක්‍රිකට් මාධය කුටියේ අයිතිකරුවන් ලෙස කටයුතු කරනු ලබන දිනපතා පුවත්පත් වන ලංකාදීප හා ද අයිලන්ඩ් වැනි පුවත්පත් වල මාධ්‍ය වේදීන්ද මේ තරගය ආවරණය නොකිරීමය.

සනත්, එම මාධ්‍ය රෑ කෑමට මාධ්‍ය වේදීන් 30කට පමණ ඇරයුම් කර ඇති අතර ඔවුන් ගෙන් බහුතරයක් ඊට සහභාගිවී තිබීමය. මේ රෑ කෑම ජ්‍යෙෂඨ
මාධ්‍ය වේදීන් දෙදෙනෙකු මඟහැර තිබුණ බවද මේ අතර වාර්තා වේ.

මේ සාදයට සනත්, විසින් ජනපති පුත් නාමල් රාජපක්ෂද කැඳවා තිබූ අතර හොඳට සූර්වූ ඇතැම් මාධ්‍ය වේදීන් ඔහුගේ කරට අත දමාගෙන ඡායාරූප ගැනීමද විශේෂ සිද්ධියක් විය. ඇතැමුන් එහිදී නාමල්ට නාමල් බේබි, හාමු හා සර් යනුවෙන් අමතද්දී නාමල් සියල්ලන්ටම අයියා කියමින් කතා කළ බවද පැවසේ.

චමිල් කරවිට හා ඉෂාර එස්. කොඩිකාර නාමල් රාජපක්ෂ සමග ගත් ඡායාරූපය මෙහි උපැස් යුවළ පැළඳ සිටින්නේ ඉෂාර කොඩිකාර මහතාය.

No comments:

Post a Comment