Tuesday, August 26, 2014

පියුමිගේ දෙවන විවාහය මේ වසර අගදී

ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළියක වන පියුමි ශානිකා බොතේජු මෙම වසරේ අවසානයේ හෝ ලබන වසරේ මුල විවාහ වීමට නියමිත බව වාර්තාවේ.

මීට පෙර ඇය විවාහ වුයේ චමිල් ගොඩකන්ද නම්වූ ජපානයේ සිටින ව්‍යාපාරිකයෙකු සමගය. 

ඇය විවාහ වීමට ප්‍රථම ජනප්‍රිය ගායකයෙකු වූ හර්ෂ බුලත්සිංහ සමග සම්බන්ධතාවයක් පැවැත්වූ අතර එම සම්බන්ධතාවය බිඳී යාමෙන් අනතුරුව ජපානයේ වෙසෙන ව්‍යාපාරිකයා සමග විවාහ විය. 

විවාහයෙන් පසුව මසක්වත් ඔහු ලංකාවේ නොසිටි අතර නැවතත් ජපානය බලා ගියේය. 

විවාහයේ මතුවූ ගැටළු හේතුවෙන් පසුගිය කාලයේ ඇය ඇතැම් රූපවාහිනී වැඩසටහන් සඳහා එක්වුයේ පවුලේ විස්තර නොඅසන ලෙසට පූර්ව පොරොන්දුවක් ලබාගෙනය.

කෙසේ නමුත් පසුව ජපානයේ වෙසෙන පියුමිගේ සැමියා ලංකාවට පැමිණීමත් සමග පියුමි මවක් වීය. තමන් මවක් වීමට සිටිනා බව මෙගා බයිට් වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේද පියුමි ප්‍රකාශ කර තිබුණි.

පියුමි මවක වී තිබුනේ සිය සැමියාගේ පෙර විවාහයේ දරුවෙකුටය. සිය සැමියා විසින් පියුමිට නවීන පන්නයේ මෝටර් රථයක් තෑගී කිරීමත් සමග පියුමි විවාහයේ ගැටළු අමතක කොට සැමියාගේ පෙර විවාහයේ දරුවාද සෙනහස දක්වමින් සිටියද මෙයට ටික කලකට ප්‍රථම පියුමි විසින් නිත්‍යානුකුලව සැමියාගෙන් දික්කසාද වී ඇත. 

ඇයගේ ජීවිතයේ නව වෙනසක් මේ වසර තුළ සිදුවීමට නියමිත අතර ඒ කව්රුන්ද යන්න සමග බව තවමත් රහසකි. මෙම සති අන්තයේ පුවත්පතකට තමාගේ විවාහය පිළිබඳව ඇය පවසා තිබෙන්නේ මෙලෙසින්.

පෙම්වතුන් කී දෙනෙක් ඉඳලා තියනවද?
ඒක ඕනේ නෑ. ඒක මොකටද?

ආදරේ නිසා රැවටිලා තියනවද?
ඕනෙම කෙනෙක් රැවටෙන්න පුළුවන්. මමත් එහෙම රැවටිලා තියනවා.

දැන් පෙම්වතෙක් ඉන්නවද?
ඉන්නවා. ඒ තමා මගේ අම්මගෙන්, තත්තගෙන් පසුව මාව තේරුම් ගත්තු කෙනා. එම අවුරුද්දේ අන්තිමට හරි ලබන අවුරුද්දේ හරි අපි විවාහ වෙනවා.

No comments:

Post a Comment