Tuesday, August 26, 2014

ජනාධිපති ගත්තේ මෝඩ තීරණයක් – චම්පික රණවක

යුධ අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හමුවේ උපදෙස් ගැනීමට විදේශීය උපදේශකයින් පත්කර ගැනීම ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ මෝඩ තීරණයක් බව
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දෙරණ 360 වැඩසටහන හා එක්වෙමින් පවසා සිටී.
එය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවල එකඟත්වයෙන් ගනු ලැබූ තීන්දුවක ප්‍රතිඵලයක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් හෙළ උරුමය කිසිඳු වගකීමක් නොගන්නා බවත් චම්පික රණවක මහතා පවසයි.
එබැවින් එකී මෝඩ තීරණය සම්බන්ධයෙන් කෙදිනක හෝ වන්දි ගෙවීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.
කෙසේ නමුත් ජනාධිපතිවරයා මෝඩ තීරණ ගන්නෙකු යැයි පවසන චම්පික රණවක මහතා එම ජනාධිපතිවරයා නායකත්වය යටතේ පවතින කැබින‍ට් මණ්ඩලයේ ප්‍රබල ඇමතිවරයෙකි.

No comments:

Post a Comment