Saturday, August 9, 2014

කොළඹ මිනිස්සු පිපාසයේ සිටියදී දිය කෙළිය දේශපාලන බවලතුන් මෙන්න


කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටී තිබියදී අගමැතිවරයාගේ පුතු වන අනුරාධ ජයරත්න ගේ බිරිඳ වන දිලිනි විශ්නි හේරත් නමැත්තිය විසින් ලීටර් 50,000 ක ජල බවුසරයක් අංක 14 ඊ/ 172 පොල්හේන්ගොඩ දරන ලිපිනය වෙත ගෙන්වාගෙන පිහිනුම් තටාකයට පුරවාගෙන ඇතැයි වාර්තා වේ.

කෝට්ටේ ඔබහේන ප්‍රදේශයට වෙන්කර තිබු මෙම ජල බවුසරය දිලිනි විසින් එම නිවසට ගෙන්වාගෙන ඇත්තේ අගමැතිගේ ඇති සම්බන්ධය කියමින් බලකරමිනි. 

ජල සම්පාදන මණ්ඩලයේ මාලිගාකන්ද බෙදාහැරීම් කාර්යාලයට දිගින් දිගට සිදුකරනලද බලපෑම හමුවේ ජල සම්පාදන මණ්ඩලයේ ඉහල නිලධාරියෙකුගේ නියෝග මත මෙම ජල බවුදරය පසුගිය 04 වනදා රාත්‍රියේ ලබාදී තිබේ. 

එම ජල බවුසරයේ ඇති ජලය දිලිනිගේ නිවසේ උඩුමහලේ තිබු පිහිනුම් තටාකය වෙත පොම්ප කොට තිබේ. 

අගමැති ලේලිය එසේ කටයුතු කරද්දී කොළඹ හතේ පදිංචි නියෝජ්‍ය ඇමති නිරූපමා රාජපක්ෂ විසින්ද සිය නිවාස සඳහා ජල බවුසර් තුනක් ඉල්ලා තිබුණි. 

ජල සැපයුම අඩාළ වීමට බලපෑ හේතුව 

බත්තරමුල්ලේ පාර්ලිමේන්තු මංසන්ධිය ආසන්නයේ දියවන්නා ඔයාට උඩින් තිබෙන පොල්දුව පාලම ඉහලට එසවීම කටයුතු සමග එයට සමගාමිව ප්‍රධාන ජල නලය ඉහලට ඉස්සිම. 

නලය ඉහලට එසවීමට හේතුව 

පාලම එසවුයේ එය අබලන් බව නිසා පැවසුවත් දියවන්නා ඔයේ බෝට්ටු රේස් තරඟ පැවැත්වීමට/රුවල් ඔරු පැදීමට ඉඩ ලබාගැනීම සඳහා එය උස්කල බව විපක්ෂය විසින් චෝදනා නගා තිබුණි. 

ජල සැපයුම යලි ලබාදීමට ප්‍රමාද වූ හේතුව 

පාලම එසවීම සමග ජල නලය යටින් එළිම වෙනුවට පාලම සමග ඉස්සීමට කටයුතු යොදා තිබුණි.මෙම ජල නලයේ ඇතුලත විෂ්කම්භය අඟල් 40 ක් වේ.එයින් ජලය සැපයීමට අඹතලේ සිට අධි ධාරිතාවයෙන් යුත් පොම්ප තුනකින් ජලය පොම්ප කරනු ලබයි.

පාලම සමග නලය ඉහලට එසවීමත් සමග දැඩි පීඩනයක් නලය තුල ඇතිවෙන අතර ඒ හේතුවෙන් දුර්වල වූ තැනකින් නලය පුපුරා යාම හේතුවෙන් අලුත්වැඩියා කටයුතු කල් ගොස් තිබේ.

No comments:

Post a Comment