Sunday, August 10, 2014

සංගක්කාර - නිශාන්ත රණතුංග (ගැටුම - මුල සිට අගට)


නිශාන්ත - සංගා ගැටුම 

සුපිරි පිතිකරු කුමාර සංගක්කාර හා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග අතර ඇතිවී තිබෙන ගැටුම
මේවනවිට උග්‍රව ඇතැයි වාර්තා වේ. 

තමන්ට විරුද්ධව ක්‍රියා කිරීමේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රිකට් බලධාරීන් විසින් ක්‍රියාත්මක කළ බවත් ඊට තමන් ගොදුරු කර ගැනීමේ උත්සහයක් ක්‍රියාත්මක වු බවත් මෙයට පෙර කුමාර සංගක්කාර විසින් පුවත්පතකට පවසා තිබුණි. 

සංගාගෙන් ජනපතිට පැමිණිල්ලක් 
ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සංගක්කාර විසින් ජනපතිවරයාට දුරකතනයෙන් පැමිණිලිකොට ඇතැයි වාර්තා වේ. එහිදී නිශාන්තට එරහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත්කොට ඇති සංගක්කාර ඔහුව එම තනතුරෙන් ඉවත්කර දෙනමෙන් ජනපතිවරයාගෙන් ඉල්ලා ඇත. 

එසේ නොමැති වුවහොත් තමා ඇතුළු තවත් ක්‍රීඩකයන් රැසක් කලකිරීම මත ක්‍රිකට් හැර යනු ඇතිබවටද සංගක්කාර පවසා තිබේ. 

සංගාට එකක් - මාලිංගට තව විදියක් 
මෙහිදී සංගක්කාර විශේෂයෙන්ම පසුගිය වසරේ "චැම්පියන්ස් ලීග්" තරඟාවලියට සහභාගී වීමේදී ක්‍රිකට් ආයතනයේ නිශාන්ත රණතුංග කටයුතු කල ආකාරයත් මෙවර ලසිත් මාලිංග වෙනුවෙන් කටයුතු කල පරස්පර ආකාරයත් පිළිබඳව පෙන්වා දී තිබේ. 

නටන්නේ අයියගේ පදයට 
නිශාන්ත රණතුංග තීන්දු තීරණ ගන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට නොව සිය සොහොයුරාගේ උපදෙස් මත බවද මෙසේ ගියහොත් ලංකාවේ ක්‍රිකට් විනාශ විය හැකි බවද සංගක්කාර විසින් එම කතා බහේදී පෙන්වා දී තිබේ. 

ජනපතිගේ ප්‍රතිචාරය 
සියල්ලටම සාවදානව සවන්දී ඇති ජනපතිතුමා මෙම ගැටලුව විසඳීමට කටයුතු යොදන බවට සංගක්කාරට පොරොන්දු වී ඇත. ඒ අනුව ජනපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ හට හා නිශාන්ත රණතුංග දුරකතනයෙන් කතාකොට එම ගැටුම සම්බන්ධව විස්තර විමසා ඇත. 

මහින්දානන්ද - නිශාන්ත යාළුකම 
ක්‍රීඩා ඇමතිවරයා හා නිශාන්ත රණතුංග අතර පවතින්නේ ඉතා සමීප සම්බන්ධතාවයක් වන අතර මෙයට හේතුවී ඇත්තේ ද කාන්තාවකි. මෙම හේතුව නිසාවෙන්ම ජනපති නිශාන්ත පිළිබඳව මහින්දානන්දගෙන් විමසු අවස්ථාවේ නිශාන්ත රණතුංග බේරාගැනීමට මහින්දානන්ද කටයුතු යොදා තිබුණි. 

සංගාගෙන් ඉල්ලීමක් 
විෂයක කමිටු රැස්වීමකදී තමන්ටද අවස්තාව ලබාදෙන මෙන් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගෙන් ඉල්ලීමක් සිදුකොට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මේ සඳහා සංගක්කාරට අවස්තාව ලබාදීමට සූදානම් වන බවද වාර්තා වේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ආයතනය හෝ නිලධාරෙනි විවේචනය කිරීමේ අවස්තාව නොමැති අතර ක්‍රීඩා කරන අතරවාරයේ විධායක කමිටුවේ අදහස් පලකිරීමට ඉල්ලු පළමු ක්‍රීඩකයා සංගක්කාර බවද වාර්තා වේ. 

සංගා මහේලට සවිය කාගෙන්ද?
සගක්කාර හා මහේලට ක්‍රීඩා ආයතනය තුල ඇති දුෂණ වංචා හෙලික්රිමට අවස්තාව දෙන්නේ එහි සභාපතිවරයා ඇතුළු පිරිසක් විසින්ම බව වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ මෙම ක්‍රීඩකයන් ඉත්තන් කොටගෙන ඔවුන්ගේ පටු අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් කටයුතු කිරීම හේතුවෙනි. 

මේ අනුව ජනපතිවරයා සම්බන්ධ කරදීම ඇතුළු කාර්යයන් සිදුව ඇත්තේ සනත් ජයසූරියගේ මැදිහත් වීමෙනි. 

No comments:

Post a Comment