Monday, April 21, 2014

කෙබර අනාවැකි කෙළින මහ රජාගේ දෛවඥයින් ප්‍රථම වතාවට ඇත්ත කියයි.


සිංහල අවුරුදුදාටම පෝය දිනයද යෙදීම හොඳද? නරකද? මේ පසුගිය කාලයේ කරළියේ බොහෝ කතාබහට ලක්වූ කාරණාවකි. ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ හා පාරම්පරික ජ්‍යෙතිශවේදීන් ප්‍රකාශ කර සිටියේ මෙය රටට එතරම් හොඳ නැති අසුබ නිමිත්තක් වන බවත්ය, ස්වභාවික විපත්, දේශපාලන ගැටුම් වැනි බොහෝ දේ එම අනාවැකි අතර සඳහන්ව තිබුනි. 

නමුත් මහරජාගේ නිල ජෛ්‍යතිශවේදීන් දෙදෙනාවන ආත්මවේදියෙකැයි කියා ගන්නා කට හැකර නමුත් ජ්‍යෙතිශය ගැන මෙලෝ හසරක් නොදන්නා චන්ද්‍රසිරි බන්ඩාරත්, ජනාධිපති නිල ජ්‍යෙතිශවේදී සුමනදාස අබේගුණවර්ධනත් පට්ට කෙබර ඇදබාමින් කියන්නේ මෙම වසර රටටත් රජයටත් ජනතාවටත් හොඳ බවය... එය ඇත්තකි. මහ රජා වෙනුවෙන් හැම වසරේම කෙලි අනාවැකි වෙනුවට මෙවර ඔවුන් ඇත්තක් පවසා ඇත. ඉතිහාසයට අනුවද එක් අතකින් ඔවුන් දෙදෙනාගේ ජ්‍යෙතිෂ වැකි හරිය.

එනම් 1977 වසරේත් සිංහල අවුරුද්ද දිනයේදීම පොහෝය දිනය යෙදී තිබිණි. ප්‍රතිඵලය වූයේ එවකට ජනතාව පෙළමින් සිටි මැතිනිගේ ආණ්ඩුව දැවැන්ත පරාජයකට පත්කර ෙජ්. ආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය 6/5 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමයි.... දැවැන්ත ආණ්ඩු පෙරළියක් සිදුවීමයි.. එය එවක සිරිමා රජයෙන් පීඩාවට පත්වී සිටි රටට, ජනතාවට හා ආණ්ඩුවට සුබ නිමිත්තකි. මෙවරද අනාධිපති නිල ජෙතිෂයවේදීන් කියන්නේ... එදා තිබූ ලෙසම මෙම වසරේද සිංහල අවුරුද් දිනම පෝය යෙදී ඇති නිසා මෙවරද එලෙසම දැවැන්ත ආණ්ඩු පෙරළියක් වන බවයි... එය මරාණ්ඩුවෙන් පීඩා විදිමින් සිටින රටටද, ජනතාවටද රටේ ආර්ථීකයටද හොඳ පෙර නිමිත්තකි. 

No comments:

Post a Comment