Tuesday, April 22, 2014

ඇමති මෛත්‍රීට විස්කි සමග දඩ මස්

Whiskey-meat
අලුත් අවුරුද්ද සැමරීම සදහා පසුගියදා පොලොන්නරුව ජයන්තිපුර සමුපකාර හෝටලයක උතුරුමැද පළාත් අමාත්‍යවරයෙකු විසින් සාදයක් සංවිධානය කොට ඇත.
එම සාදය සදහා එම ප්‍රදේශයේ දේශපාලඥයන් මෙන්ම ප්‍රභූන් රැසක්ද සහභාගී වී ඇත.

මෙම සාදය සඳහා මින්නේරිය අභය භූමියේ සිටි ඉත්තෑවන් 7 දෙනෙකු , මුවෙක් සහ ගොනෙකු මරා කටගැස්ම ලෙස සකස්කොට ඇත.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම අවස්ථාවට එක්වුණු කැපී පෙනුණ ආරාධිත අමුත්තෙක් වන අතර සාදයට පැමිණ ටික වෙලාවකින් අමාත්‍යවරයා සිටි මේසයට විස්කි සහ බ්‍රැන්ඩි බෝතල් සමග දඩ මස් කටගැස්මට එහි සංවිධායකයන් තබා ඇත.
මත්පැනට එරෙහිව සටන් කරන සෞඛ්‍යය අමාත්‍යවරයා මෙම සිදුවීමෙන් කෝපයට පත්ව රාත්‍රී ආහාරය නොගෙනම හෝටලයෙන් පිටවගොස් ඇති බව වාර්තා වේ.
(නෙත්)

No comments:

Post a Comment