ෆොන්සේකාගේ නිශ්චිත දේශපාලනය දැක්ම කුමක්ද යන්න පැහැදිලි නැතත් උනුත් එපා මුනුත් එපා අරුනුත් එපා යනුවෙන් මේ තුන්ගොල්ලවම විවේචනය කරන ජනතාවට ඇති එකම වේදිකාව තමන් බව ෆොන්සේකාගේ කණ්‌ඩායම මේ වන විටත් කියන්නට පටන් ගෙන තිබේ.රටේ දේශපාලනය සම්බන්ධයෙන් කළ කිරී ඇති ජනතාවට එම වේදීකාවේ විශාල ඉඩක් විවරව පවතී.
එමෙන්ම බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ එජාපයෙන් ජවිපෙන් ශ්‍රී ලනිපයෙන් හැලෙන කොටස් ෆොන්සේකාගේ පක්ෂයට එකතු කර ගනු ඇති බවය. එහෙත් එවැන්නක් සිදුවීමට තිබු අවස්ථා ෆොන්සේකා විසින්ම මඟ හැර තිබේ. විශේෂයෙන්ම ශිරාල් ලක්තිලක ෆොන්සේකාගේ පක්ෂයට එක්වීමට කළ ඉල්ලීම ෆොන්සේකා ඉවත දමා තිබේ. හිරුණිකාව පක්ෂයට එකතු කර ගැනීමට පක්ෂයේ පිරිසක් කළ යෝජනාවද ෆොන්සේකා ප්‍රතික්ෂේප කර ඇත. එමෙන්ම පසුගියදා එම පක්ෂයේ භික්ෂු සංවිධානයට මාදුළුවාවේ සොභිත හිමි අනුශාෂකවරයා ලෙස පත් කර ගැනීමද ෆොන්සේකා ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අනුව පෙනෙන්නේ ෆොන්සේකා යන්නට හදන්නේ අමුතු ගමනක් බවය. මෙවර මැතිවරණයේදී මන්ත්‍රීධූර 25ක් ලබා ගන්න බව ෆොන්සේකා පසුගියදා ප්‍රසිද්ධ රැළියකදී පැවැසීය.එතරම් ලොකු ඉලක්කයක් තැබීමද අමුතු කතාවක් නමුත් මෙවර ෆොන්සෙකා පෙරළියක් නොකරනු ඇතැයි කල්පනා කිරීම අමුත්තකට හේතු වන්නේ නැත.
No comments:
Post a Comment