විනාඩි 45කට
රුපියල්
2000යි,
ගණිකාවන්ගෙන්
පොලිස් වාර්තාවලට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉතිහාසය තුළ අනාචාරයේ හැසිරුණු කාන්තාවකට වැඩිම දඩ මුදල පනවමින් නුවරඑළිය නගරයේ ප්‍රධාන බාලිකා පාසල් දෙකක් අතර පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක කාන්තාවන් තිදෙනා හා එහි කළමනාකරුහට නුවරඑළිය මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා රුපියල් දෙලක්ෂ විසිපන්දහසක දඩයක් නියම කළේ ය.
ගණිකා වෘත්තියේ යෙදුණැයි චෝදනා ලැබූ එක් කාන්තාවකට මෙහිදි රුපියල් පනස් දහසක දඩයක් නියම වූ අතර කළමනාකරුහට රුපියල් හැත්තෑපන්දහසක දඩයක් නියම විය. මෙසේ දඩ නියමවූ කළමනාකාරවරයා කලක් ජපානයේ සිට පසුව කුරුණෑගල නගරයේ යතුරුපැදි අලෙවිහලක් පවත්වාගෙන යමින් නුවරඑළියේ මෙම ගණිකා නිවාසයක් ද පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
ප්‍රධාන බාලිකා පාසල් දෙක අසල ඇති මෙම ගොඩනැඟිල්ල රුපියල් ලක්ෂයක මාසික කුලියට රැගෙන ඇති අතර ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස පෙන්වමින් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇත.
විනාඩි 45 ක් සඳහා රුපියල් දෙදහසේ සිට ඉහළට අයකර ඇති මෙම ස්ථානයේ දී කාන්තාවන් සඳහා වෙනම දීමනාවක් ද ගෙවිය යුතුව තිබී ඇත.
නුවරඑළියේ පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ මහින්දසිරි මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරු මත උපාය දූතයකු යොදවා මෙම වැටලීම සිදු කොට තිබිණි.
මධ්‍යම පළාත් නි. පොලිස්පති එස්. එස්. බී. අඹන්වල, නුවරඑළිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම, සා. පො. අ. ජී. විමලදාස, මූ. පො. ප. කමල් රණවීර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පො. ප. රුවන් පතිරණ, උ.පො.ප. නිරංජන් දසනායක, පො. කො. (2717) රුක්ෂාන්. පො. කො. 285 කසුන්, පො. කා. පො. කො. 5241 ධමිත යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවූහ.
No comments:
Post a Comment